ෆේස්බුක් තවත් වෙනසකට සැරසෙයි

0
Facebook New Rules about Pages and Groups - ෆේස්බුක් තවත් වෙනසකට සැරසෙයි
සිය News feed එකෙහි දිස්විය යුතු දෑ පාලනය සම්බන්ධයෙන් පරිශීලකයාටම පාලනය පවරා දෙන නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට ෆේස්බුක් ආයතනය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව ෆේස්බුක් පිටු (Pages) සහ සමුහයන් (Groups) වලින් පළකරන දෑ වෙනුවට හිත මිතුරන් සහ පවුලේ සාමාජිකයන් විසින් පළකරන දෑ වැඩි වශයෙන් දර්ශනය වන ලෙස සැකසුම් (Settings) සකස් කර ගැනීමට මේ අනුව ග්‍රාහකයන්ට අවස්ථාව උදාවනු ඇති.

එමෙන්ම තමන් කැමති ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩි වශයෙන් විස්තර එකෙහි දැක බලාගැනීමට හැකිවන අයුරින් සැකසුම් සකස් කර ගැනීමටද ඉඩකඩ හිමිවනවා.

ග්‍රාහකයන් වෙත බලහත්කාරයෙන් ෆේස්බුක් දැන්වීම් ඇතුලු දෑ පෙන්වන බවට ෆේස්බුක් ආයතනයට එල්ලවන ප්‍රධාන චෝදනාවක්.

එවැනි දෑ වැළක්වාගැනීමද මෙමගින් අපේක්ෂිතයි.