ගැබිණි මව දරු දෙදෙනාත් සමග අවසන් ගමනේ

0
Mother's Deth - දෙදෙනාත්
දරු ප්‍රසූතියට සුදානමින් සිටි පොල්පිතිගම කාන්තාවක් ඩෙංගු රෝගය වැළඳුනු බවට සැකසිතා රෝහල්ගත කර සිටියදී දරුවන් දෙදෙනාත් සමග මියගොස් තිබෙනවා.

රෝගී තත්ත්වයෙන් පොල්පිතිගම රෝහලටත් එතැනින් නිකවැරටියටත් පසුව කොළඹටත් ඇයව මාරු කර ඇති අතර කොළඹ රජයේ රෝහලක දී මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් දෙදෙනා සැත්කමක් මගින් ලබාගෙන ඇති අතර ඔවුන් ඒ වනවිටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඇයට ඩෙංගු වැළඳී නොමැති බවත් ඉතා දුර්ලභ රෝගයකින් පෙළී ඇති බවත් වෛද්‍යවරු පසුව සොයාගෙන තිබුණා.

ඔවුන්ගේ අවසන් කටයුතු අද (16) දිවුල්ගනේ පොදු සුසාන භුමියේ දී සිදු කෙරුණා.