රාජ්‍ය සේවයේ ක්ෂෙත්‍ර නිලධාරීන්ට යළිත් යතුරුපැදි.. අයවැයෙන් රාජ්‍ය සේවයට ලැබෙන ප්‍රතිලාභ මෙන්න…

0
පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක කළ රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදෙන වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා මෙවර අයවැය මගින් මුදල් වෙන්කර ඇත.

මීට අමතරව ගුරු වැටුප් විෂමතා අවසන් කිරීමට මෙන්ම දැනට බඳවා ගෙන ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන් 53000ක් ලබන ජනවාරියේ සිට ස්ථිර කෙරේ.