සංචරණ සීමා පැනවීමේ තීරණය ජනතාව අතේ

0
Keheliya Rambukwella Statement of Travel Restrictions - සංචරණ සීමා පැනවීමේ තීරණය ජනතාව අතේ

කොවිඩ් පාලනයට රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඒ සඳහා තවදුරටත් උපරිමයෙන් ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන් රජය කොවිඩ් පාලනයට ඉහළම ක්‍රියාමාර්ග ගනු ලබන අවස්ථාවක ජනතාව ඒ උදෙසා උපරිම දායකත්වයක් ලබා දිය යුතු බව ඔවුන් ලබාදෙන දායකත්වය මත කොවිඩ් පාලනය තීරණය වන බව අමාත්‍යවරයා පවසයි.

කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේ විවෘත කරන ලද වික්‍රමාරච්චි අක්ෂි විශේෂඥ ආයතනයට අනුබද්ධව “සීස් විෂන් සෙන්ටර්”(ZEISS VISION CENTER) ආයතනය ඊයේ (10) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

සංචරණ සීමා පැනවීම තීරණය කරනුයේද ජනතාව කොවිඩ් පාලනයට දක්වන දායකත්වය මත බවත් ඒ සඳහා ජනතාව අයහපත් තත්තවයක් පෙන්නුම් කළහොත් යළි එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇතැයිද එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ ජීවත් වීමේ වටපිටාව ජනතාව සකසා ගතයුතු යැයිද අමාත්‍යවරයා කීය.