ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

0
Sapugaskanda Death Body in Bag Incident - ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට
ගමන් මල්ලකින් හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ 36 හැවිරිදි අඹු-සැමි යුවළක් එළෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඔවුන් මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් වාහනය ද සොයාගෙන තිබේ.

සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය ආසන්නයේ මාර්ගය අසල කසල ගොඩක තිබියදී අදාළ කාන්තා මළ සිරුර සොයාගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ අදාළ මළ සිරුරේ අත්පා ගැටගසා ගමන් මල්ලක දමා කසළ ගොඩට දමාගොස් තිබූ බවය.