ඉන්දීය තරුණයකු තම මියගිය බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා

0
Death Body of His Wife - ඉන්දීය තරුණයකු තම මියගිය බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි.

එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙකි.

අසනීප තත්ත්වයකින් පසුවුණු බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යැවුණි.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවය.

පසුව බිරිඳ රෝහලේ දී මියගොස් ඇති මළ සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් විය.

මුදල් නොමැති බැවින් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලු හැකියාව ලැබී නැත.

ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.

අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා තීරණය කර ඇත.

පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත්තේ එවිටය.