මත්පැන් වර්ගවල මිල ඉහළට

0
Alcohol prices go up - මත්පැන් වර්ගවල මිල ඉහළට
ඇතැම් සමාගම් නිෂ්පාදනය කරන මත්පැන්වල මිල ඉහළ දැමීමක් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානය යොමුව තිබෙනවා

මේ සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කලේ ඉහළ දමා ඇති මිල ගණන් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වාර්තාවක් ඉල්ලා ඇති බවයි

අදාළ සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ ගියහොත් හෝ බදු මුදල් ඉහළ දැමුවහොත් මිල වැඩිකිරීමේ අවස්ථාව හිමිවෙන බවයි ඔහු පෙන්වා දුන්නේ