
රජයේ නිවාස ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු මාලිගාවත්ත, ඛෙත්තාරාම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
2017 සහ 2018 යන වසරවල දී රජයේ නිවාස ලබාදෙන බවට පවසමින් රුපියල් ලක්ෂ 06ක මුදලක් එම පුද්ගලයා විසින් වංචා කළ බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිලි 02ක් ලැබුණු බව පොලීසිය පැවසීය.
පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු ඛෙත්තාරාම ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අද (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.