කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ අඹුසැමි යුවළ අත්අඩංගුවට

0
Couple Arrested - කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ අඹුසැමි යුවළ අත්අඩංගුවට

තලංගම  රෙදිපිලි අලෙවිසැලක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයමින් සිටි අඹුසැමි යුවළ කඩවත ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක් ඉදිරිපිටදී  අත්අඩංගුවට ගත් බව කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි. ඔවුන් 23 හා 27 හැවිරිදි වියේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.

ඉකුත් 30 වෙනි දින ව්‍යාපාරිකයා අතුරුදන්ව තිබූ අතර ඔහුගේ මළ සිරුර ඊට දින දෙකකට පසු පැලවත්ත එම්. ඩි. එච්. පුර ඉඳිකරමින් පවතින ඔහුට අයත් සුඛෝපභෝගී තෙමහල් නිවස පිහිටි භූමියේ නාන තටාකයේ පාවෙමින් තිබියදී තලංගම පොලිසිය මගින් සොයා ගෙන තිබිණි

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය ජංගම දුරකථනය රැගෙන ගොස් තිබූ අතර මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් අසල නවතා තිබියදී ඉකුත් තුන් වෙනි දින පොලිසිය මගින් සොයා ගැනිණි.

අදාළ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටියදී කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ලද තොරතුරක්  අනුව සැකකාර යුවල අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මූලික ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයා සමඟ කලක් තිස්සේ සමලිංගිකයන් ලෙස හැසිරෙන බවත් සැකකරු පසුව අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා බැණ වැදී මරණීය තර්ජනය කළ බවත් ඊට බිය වී පොල්ලක් රැගෙන හිසට පහර දුන් බවත් ප්‍රකාශ කළ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

සැකකරු පවසන  රතුරු ව්‍යාජ විය හැකි බවත් සැකකාර අඹුසැමි යුවළගෙන් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට හේතුව දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ කොට්ඨාසය වෙත සැකකාර යුවල බාර දුන් බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා  මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.