ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක සංග්‍රාමය අද

0
SL vs ENG T20 in ICC World Cup - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තීරණාත්මක සංග්‍රාමය අද

පන්දුවාර 20 ලෝක කුසලානයේ තීරණාත්මක ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරගය අද පැවැත්වෙනවා.

අද තරගයෙන් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාවන්නේ නැහැ.

ශාජා හිදි රාත්‍රී 07.30 ට මෙම තරගය ආරම්භ වනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය සමත් වුණා.

නැමීබියාවට එරෙහි තරගය ලකුණු 62 කින් ජයගැනීමටයි ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වූයේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලූ 5 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියා කණ්ඩායම කඩුලූ 09 ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 98 ක් පමණයි.