කාබනික පොහොර ව්‍යාපෘතිය අත්හදා බැලීමක්

0
SM Chandrasena Statement of Organic Fertilizer - කාබනික පොහොර ව්‍යාපෘතිය අත්හදා බැලීමක්
රසායනික පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර කාබනික පොහොර යොදාගැනමට තීරණය කළේ, අත්හදා බැලීමක් ලෙස බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, කාබනික පොහොර යොදා මාස් කන්නයේදී සිදු කරන වගා කටයුතුවලින් ලැබෙන ප්‍රථිඵලය අසාර්ථක වුවහොත් යල කන්නයේ සිට ඊට විකල්පයක් ලෙස රසායනික පොහොර හෝ කාබනික පොහොර යන දෙකම භාවිත කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

“ඇත්තටම මේ අවුරුද්ද අත්හදා බැලීමක් හැටියට තමයි කරන්නේ. යම් කිසි විදියකින් මාස් කන්නයේදි කාබනික පොහොර යොදලා කරන දෙයින් අපිට අසාර්ථක ප්‍රථිඵලයක් ලැබුණොත් ඊළඟ යල් කන්නයේ ඉඳලා අපි ඉල්ලා සිටියා. ජනාධිපතිතුමාගෙන් ඒකට විකල්පයක් විදියට නැවත අපි රසායනික පොහොර සහ කාබනික පොහොර හරි ඒ දෙකම පාවිච්චි කරලා හරි ඉස්සරහට යන් කියලා. හැබැයි ඒක කරන්න අපිට මේ කන්නයේ අත්හදා බැලීම කරන්න වෙනවා.”