උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා අදහස් පළකිරීමෙන් වැළකී දයාසිරි දිවයයි

0
Dayasiri Jayasekara Statement of Chinese Fertilizer - උත්තර දෙන්න බැරි ප‍්‍රශ්නයක් නිසා අදහස් පළකිරීමෙන් වැළකී දයාසිරි දිවයයි

බලහත්කාරයෙන් පොහොර ගොඩබෑමට චීනය උත්සාහ ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙරට නීතිය අනුව ප්‍රතික්ෂේප වූ පොහොර තොගයක් නැවතත් බලහත්කාරයෙන් බාන්න උත්සාහ කිරීම සම්පූර්ණ වැරදි යැයි ද ඒ මහතා පැවැසීය.

එසේ බලහත්කාරයෙන් පොහොර ගොඩබෑම ඉන්දියාව බලාත්කාරයෙන් පරිප්පු දැමීම හා සමාන වන බවද ඇමතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ පැවසීය.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ලෙස ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්දයෙන් විමසීමේ දී අමාත්‍යවරයා අදහස් පළකිරීමෙන් වැළකී ඉවත්ව දිව ගියේය.