
පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශයට එරෙහිවයි.
පස්වරු 03 යි 30 ට ශාජා හිදී එය ආරම්භ වනු ඇති.
සුපිරි 12 දෙනාගේ තරග වටයේ පළමු තරගය ජය ගැනීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලූ 09 ක් දැවී රැස් කළේ ලකුණු 118 ක් පමණයි.
ඒ අනුව ජයග්‍රාහී ලකුණු 119 හඹා යෑමට පිටියට පිවිසි ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 ක් තුළ කඩුලූ 05 ක් දැවී ලකුණු 121 ක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කලා.
මේ අතර එංගලන්තය සමග පැවති ඩුබායි හි පැවති විස්සයි විස්ස සුපිරි වටයේ තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 55 කට දැවී ගියා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 ඉක්මවා රැස් කිරීමට සමත් වූයේ ක්‍රිස් ගේල් පමණයි.
ඔහු ලකුණු 13 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී අඩෙල් රෂීඩ් ලකුණු 02 කට කඩුලූ 04 ක් දවාගත්තා.