අද කොවිඩ් ආසාදිතයන් 600 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 666ක්.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 530,421ක් වාර්තාවී ඇති අතර ඉන් 25,014ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 354 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 491,958ක් ලෙසටයි.

මෙරටින් තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.