විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානම්

0
Ranjith Bandara Statement of MP Parties Change - විපක්‍ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානම්
ඉදිරියේදී විපක්‍ෂය නියෝජනය කරන තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් බවත් එම පිරිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසයෙන් යුතුව ආණ්ඩුව සමඟ එක්වන බවද ඔහු පැවසීය.

මෙය අතර අරලියගහ මන්දිරයේදී පිරිසක් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවති සාකච්ඡාවක දී ඔහුද සඳහන් කර ඇත්තේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වනු ඇති බවයි.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)