ඕනෑම අවස්ථාවක යළිත් සීමා දැඩි කරන්න ඉඩ තියෙනවා

0
Asela Gunawardena Statement of Tarvel Restrictions - ඕනෑම අවස්ථාවක යළිත් සීමා දැඩි කරන්න ඉඩ තියෙනවා

ඉදිරි සති දෙක තුළ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියේ හැසිරීම අනුව ඕනෑම අවස්ථාවක සංචරණ සීමා දැඩි කරන්න සිදුවිය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

එබැවින් මේවනවිට නිකුත් කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසම අනුගමනය කරමින් කොවිඩ් වසංගතය පාලනයට සහය ලබාදෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියා. සමාජයේ පැතිර ඇති මිත්‍යා මතවලට නොරැවටී ඕනෑම වර්ගයක එන්නතක් ලබාගැනීමට යොමුවන ලෙසයි ඔහු තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. රට විවෘත කිරීමෙන් පසු ඉදිරි සති දෙකක කාළය තුල කොවිඩ් ව්‍යාප්තියේ ස්වභාවය විශ්ලේෂණය කරමින් ඉදිරි තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.