රට විවෘත කරන දිනය ගැන සෞඛ්‍ය ඇමති කියයි

0
ඔක්තෝබර් මස 01 වනදා රට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවත් එහිදී යම් සීමාවන් පැනවීමට සිදුවෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබුණි.