රට විවෘත කරයිද ? ලිහිල් වන රෙගුලාසි මොනවාද ? තීන්දුව අද

0
Curfew Lift Decision Today - රට විවෘත කරයිද ? ලිහිල් වන රෙගුලාසි මොනවාද ? තීන්දුව අද

ලබන 21 වැනිදායින් පසුව ඇඳිරි නීතිය දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිතයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.

සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් රට විවෘත කරන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සකස් කෙරුණු නිර්දේශ මාලාවක්ද අද රැස්වීමට ඉදිරිපත් කෙරෙනු ඇති.

ලබන 21 වනදායින් පසු රට විවෘත කරන්නේ නම් පැණවිය යුතු සීමා ඇතුලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායට දන්වා තිබුණා.

එමෙන්ම පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කරන නිර්දේශ මාලාවක්ද මෙම කමිටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන අඟරුවාදා අලුයම 04 ටයි.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.