අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී පැනවෙන අලුත්ම නීතිය

0
Non Essential Goods Import New Rule - අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී පැනවෙන අලුත්ම නීතිය

අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100 per cent cash margin deposit requirement) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2021 සැප්තැම්බර් මස 08 වන දින පැවති රැස්විමේදී එම තීරණය ගෙන ඇති බවයි මහා බැංකුව නිවේදනය කළේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, එම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව පැනවීමට ගත් තීරණය, විශේෂයෙන්ම සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන නිෂ්පාදන කාණ්ඩවල සාරාංශයක් සමඟ 2019, 2020 සහ 2021 වසරේ මේ දක්වා (තාවකාලික) එසේ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයන්ට යටත් වන සෑම කාණ්ඩයකම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත වගුවේ දක්වා ඇත.