විදේශ ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක්

0
Dollar Reserves - විදේශ ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ශ්‍රමික ප්‍රේෂණවල ඉහළ යාමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඉකුත් ජනවාරියේ දී එහි අගය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් ලෙසයි.

ඒ 2022 වසරේ ජනවාරි මාසයේ දී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස සටහන් වූ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 සාපේක්ෂව යි.

එම වැඩිවීම ප්‍රතිශතයක් වශයෙන් 68.8%ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 178.3ක වැඩිවීමක් ලෙසයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.