විකට් යන සැරේට වාස් ඇතුළට ගියේ ඇයි? වාස්ම හෙළි කරයි

0
Chaminda Vass Statement - විකට් යන සැරේට වාස් ඇතුළට ගියේ ඇයි? වාස්ම හෙළි කරයි

“මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රී ප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රී ප්ලේ එක.

ඒ පන්දුව කොයි විදිහටද යොමු කළේ. අපි කරපු ප්ලෑන් එකේද ඒ කඩුල්ල දවා ගත්තේ. හොඳ තැන්වල පන්දු යැව්වද කියලා මම ඒක සටහන් කර ගන්නවා.

ඊළඟ තරගයට යද්දී කථා කරලා කියනවා අපි කථා කරපු දේවල් හරියට කරලා තියෙනවා. ඒ ප්ලෑන් එකටම ඉන්න කියනවා.

මතුරනවා නෙමෙයි. මම දැක්කා කිරිබත් හදන්න යනවා කියලා තියෙනවා. එක එක දේවල් තිබුණා. පුහුණුකරුවෙන් ලෙස ඒ දේවල් ඔක්කොම සටහන් කර ගන්න ඕන. තරගයක් ජය ගන්න පුළුවන් පරදින්න පුළුවන්. අපි පුළුවන් තරම් හොඳ දේවල් අරගෙන ඊළඟ තරගයට යොමු කරන්න තමයි හදන්නේ.”