සෞඛ්‍ය අංශ කෙළි එළි දැල්වුවොත් පාසල් ආරම්භයට සූදානම්

0
Kapila Perera Statement of Schools Open - සෞඛ්‍ය අංශ කෙළි එළි දැල්වුවොත් පාසල් ආරම්භයට සූදානම්

සෞඛ්‍ය අංශවලින් කොළ එළිය දැල්වුණු වහාම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම සාකච්ඡාවෙන් පසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය පවතිද්දී පසුගිය කාලයේදී පාසල් විවෘත කිරීමට යොදාගත් ක්‍රමවේදයද මේ දිනවල සමාලෝචනය කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියා.

ගුරුවරුන්ගෙන් සියයට 88 කට පමණ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බවත් කෑගල්ල , අම්පාර,පුත්තලම ,වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මෙම දිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, එළඹෙන 21 වැනිදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 2020-2021 ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.