හෘදයාබාධයකින් මියගිය කාන්තාවකට කොවිඩ් බව දැනුම් දීමෙන් සිදු වූ දේ

0
Women Dead by Heart Attack - හෘදයාබාධයකින් මියගිය කාන්තාවකට කොවිඩ් බව දැනුම් දීමෙන් සිදු වූ දේ

හෘදයාබාධයකින් මියගිය දෙදරු මවකට කොව්ඩ් – 19 වැළඳී ඇති බවට වගකීම් විරහිත පණිවුඩයක් ලබාදීම නිසා දේහය ඥාතීන්ට ලබා නොදෙමින් ආදාහනය කිරීමට සුදානම් වූ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.

වම් පාදයේ හට ගෙන තිබූ තුවාලයක් නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසි හෘදයාබාධයකින් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයට කොවිඩ් වැළඳී ඇති බවට රෝහල මගින් දැන්වීමත් සමග ඇයගේ දරුවන් දෙදෙනා ඇතුළු පවුල් කිහිපයක් ස්වයං නිරෝධායනයට ලක්කිරීම නිසා ඔවුන්ට මව රෝහල් ගතව සිටි කාලය අතරතුරදී ඇයගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටවත් අවස්ථාව ලැබි නොමැති බව සඳහන් වනවා.

ඇය මියයෑමත් සමග රෝහල් පොලිසිය මගින් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබුණේ අදාළ කාන්තාව කොවිඩ් – 19 වයිරසය වැලඳීම නිසා මියගොස් ඇති බවයි.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා මෘත ශරීරය අනුරාධපුර නිසල නිම්නය ආදාහනාගාරයේදී ආදාහනය කරනා ලෙස නියෝග කර තිබෙනවා.

ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතිද්දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා විසින් මරණකාරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇයට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී නැති බව හා ඇය හෘදයාබාධයකින් මියගොස් ඇති බව තහවුරු කර ඇති බව වාර්තා වනවා.