අජිත් රෝහණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

0
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා.

තමන් කොරෝනා වෛරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාටම ස්තූතිවන්ත වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා .

තවත් සති දෙකක පමණ කාලයක් නිවසට වී විවේක ගැනීමෙන් අනතුරුව තම රාජකාරී කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කළා.