සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

0
SERUWILA - සේරුවිල මංගල රජමහා විහාරාධිපති

සේරුවිල මංගල රජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණ වංශික මහා නිකායේ නැගෙනහිර පළාතේ  ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක  ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අපවත්වී ඇතැයි එම විහාර ආරංචි මාර්ග කියයි.

අක්මාවේ සම්බන්ධ  ශල්‍යකර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට ගිය උන්වහන්සේ එම රෝහලේ දී ශල්‍යකර්මයට සූදානම්ව සිටන අතරතුර කොරෝනා  ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබුණු බව එහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පවසති.

කොරෝනා තත්ත්වය නිසා දේහය මෙරටට වැඩම කරවීම අවිනිශ්චිත බවද ශිෂ්‍ය හිමිවරු පවසති.