පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුට කොවිඩ්

0
Arrested Person Dead by Covid - පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුට කොවිඩ්
මතුගම පොලීසිය පසුගිය 22වනදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ සැකකරුව පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ඔහු හදිසියේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ බවය.

ඒ අනුව සැකකරුව වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවද පොලීසිය පවසයි.

එහිදී සැකකරුව පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවය.

40 හැවිරිදි මියගිය සැකකරුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.