වාඩුවැලිවිටිය රුක්අත්තනගොඩ පදිංචි පුද්ගලයෙකු තම 33 හැවිරිදි දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඊයේ (17) රාත්‍රි ඝාතනය කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ රුක්අත්තනගොඩ වාඩුවැලිවිටිය දකුණ පදිංචිව සිටි රෙෂාණි කෝන්ගහගේ නමැති කාන්තාවකි.
සැකකාර පියා බිමත්ව පැමිණ දියණියගේ හිසට උදැල්ලකින් පහරදි ඇති බවත් හිස දෙකඩවු තුවාලකාරිය බද්දේගම රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බවද පොලිසිය පවසයි.
සැකකාර පියා නිතරම බිමත්ව සිටින පුද්ගලයෙකු බවත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය කර ඇති බවත් අනාවරණයවි තිබේ.
අපරාධය වාර්තා විමත් සමග ගාල්ල කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ පොලිස් පරික්ෂක ප්‍රශාන්ද සිල්වා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කිරිමට පියවර ගන්නා ලදි.
සිද්ධියට සම්බන්ධ සැකකාර පියා අත් අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාර මයුර පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික ඩයස් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.