තෝර්ගේ පෙණහලු වල බැක්ටීරියා ආසාදිත වෙයි

0
Thor - තෝර්ගේ පෙණහලු වල බැක්ටීරියා ආසාදිත වෙයි
දෙහිවල සත්ත්වෝද්‍යානයේ තෝර් සිංහයාගේ පෙණහලු බැක්රීයා ආසාදිතව ඇති බැවින් මේ වන විට තෝර් ට ඉක්මන් සුවය සඳහා සත්ත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර සදහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදිතව රෝගාතූර වූ තෝර්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව නියුමෝනියා තත්ත්වයක ලක්ෂණ පෙන්වීමත් සමග නැවත නියදි වැඩිදුර පරීක්ෂා කිරීම් සඳහා රාගම ක්ෂුද්‍රජීව අංශය වෙත යොමු කිරීමට සත්ත්වෝද්‍යානයේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.

මෙම පරීක්ෂා කිරීමේදී කොවිඩ් රෝගය සුව වුවද කොවිඩ් වයිරසය හේතුවෙන් දුර්වල වූ තෝර්ගේ පෙණහලු බැක්ටීරියා ආසාදිතව ඇති බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස නියුමෝනියා තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අප කළ විමසුමකදී මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා පැවසීය.

කෙසේ නමුත් කොවිඩ් වයිරසය හේතුවෙන් පෙණහලු දුර්වල බන බැවින් දුර්වල වූ පෙණහලු වෙත බැක්ටීරියා ආසාදිත වීම මගින් නියුමෝනියා තත්ත්වන් ඇති වන බවත් මෙය මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ට පොදු වූ ත්ත්වයක් යැයිද මහාචාර්ය වරයා අවදාරනය කළේය.

කෙසේ නමුත් කොවිඩ් වයිරසය ආසාදිත වූ තෝර්ගේ සිංහ දේනුවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද අවදානය යොමුකර ඇතැයි මහාචාර්යවරයා පැවැසීය‍.