අසේල සම්පත් ඇප මත නිදහස්

0
අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් ඇප මත නිදහස් කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව ඔහු ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.