ප්‍රවේසම්වන්න…! ඉන්දියාව අන්ත අසරණ කල කොවිඩ් ප්‍රභේදය කොළඹින් සොයාගැනේ

0
කොවිඩ් ප්‍රභේදය

ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.

එම කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය වෙයි.