
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ විශේෂ හමුවක් ඊයේ (24) පවත්වා තිබේ.
ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.
මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ද සහභාගී වී තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ