හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත් පෞද්ගලික බස් රථය ඊයේ (23) දිනයේ නුවරඑළිය දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කළේය.
එහිදී හෙළිවී ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්රියාවිරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාව අසුනෙන් ඉවතට විසිවී ඇති බවයි.
හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිසිය භාරයේ ඇති අනතුරට පත් බස් රථය ප්රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කර තිබුණි.
තවද රියදුරුගේ ආරක්ෂිත බඳපටිය නොමැති බවත්, බස් රථය තුළ සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබිම නිසා එම අනතුර හේතුවෙන් මගීන්ට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා විය.
ඉන් තිදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලැබීය.
එසේම බස් රථයේ ආසන ප්රමිතියකට සවිකර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතළවිමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලීසියට පැවසීය.
මගි ප්රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලීසියේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද හැටන් පොලීසිය පැවසිය.