මෙරටට පැමිණි තෙල් නැවක් නැවත ආපසු පිටත්ව යාම සම්බන්ධව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසන්නේ එය සංස්ථාව ගෙන්වූ තෙල් නැවක් නොවන බවය.
බැවින් ඒ සම්බන්ධව රටට කිසිදු බලපෑමක් නොමැති බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්ය. ලබන වසරේ අප්‍රේල් මස දක්වා තෙල් ආනයනය කර ඇති බවද සභාපතිවරයා කීවේය.
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඉකුත් 02 වැනිදා තෙල් නැවක් ගෙන්වා ඇති බවත් එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් තිබී ඇති බවත් පැවසීය. එම නැව ගොඩබෑමකින් තොරව නැවත ගොස් ඇත් බවත් එය ඔවුනගේ අභ්‍යන්තර ගැටලුවක් නිසා සිදුව ඇති බවත් සභාපතිවරයා පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා මේ බව පැවසූවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.