ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන අමාත්‍යංශය විසින්.
අමාත්‍යංශය කියාසිටියේ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර ලබාදි ඇති විධිවිධාන සහ තොරතුරු හොඳින් අධ්‍යනය කළ යුතු බවයි.
2022 ජනවාරි මස 31 වනදා වන විට දරුවාට වයස අවුරුදු 5 සම්පූර්ණ විය යුතු අතර එය සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.
2022 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 6 හෝ ඊට වැඩි ළමුන් ඇතුලත් කිරීමට හැකියාව ඇත්තේ අවුරුදු 6ට අඩු සුදුසුකම් සපුරා ඇති ළමුන් සියලුදෙනාම ඇතුලත් කර ගැනීමෙන් පසුවයි.
පළමුවන ශ්‍රේණියේ සමාන්තර පන්තියක් සඳහා ළමයින් 35 දෙනෙකු සම්මුඛ පරීක්ෂණය මගින් ද 5 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන් ද තෝරා ගනු ලබනවා.
ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 40ක්.
2022 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමට අදාළ අයදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න