
පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවන තරගය ජයගැනීමට සමත්විය.
ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.
කේප්ටවුන් හි දී මෙරට වේලාවෙන් ඊයේ (12) රාත්රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම දිනාගත්තේය.
එහිදී ප්රථමයෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම තීරණ කළ අතර එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස්කළේය.