තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර

0
Ramesh Pathirana Statement of Fertilizer for Tea Indrustry - තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (20) පාර්ලිමේන්තුවේදී යොමු වූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“බොහෝම පැහැදිලි සහතිකයක් අපි ලබාදීලා තියෙනවා. තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනය කරලා තියෙනවා. දැන් ලැබෙමින් පවතිනවා. ගිය වසරට සාපේක්ෂව දැනටමත් අපේ පුරෝකතනයට අනුව තේ වගාව ගිය අවුරුද්දේ මේ රටේ නිෂ්පාදනය වුණේ තේ කිලෝ මිලියන 280යි. දැනටමත් ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් තියෙන්නේ. මේ අවුරුද්දේ කිලෝ 310ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. පොහොර පිළිබඳ ගැටලුවක් නෑ. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම පොල්වලින් ලැබෙන්නේ මේ අවුරුද්දේ. අපිට ඩොලර් බිලියනයක ආදායමක් ලැබෙනවා. රබර්වල ඉතිහාසයේ වැඩිම අපනයනය ආදායම ලැබෙන්නේ මේ අවුරුද්දේ. ඩොලර් බිලියනය ඉක්මවා ගිය ආදායමක්. අපනයනය කෘෂි භෝග අංශයේ වැඩිම ආදායම ඉතිහාසයේ ලැබෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් මිලියන 800ක ආදායමක් ලැබෙනවා. තේවල ආදායම වැඩිවුණේ නැති වුණාට ස්ථාවර මට්ටමක තියෙනවා.”

එහිදී රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් තේ ගොවියන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටි අතර ඊට රමේෂ් පතිරණ මහතා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ, ඉතිහාසගත ආදායමක් තේ, පොල්, රබර්වලින් ලැබී ඇති බවත් රජය පොහොර සම්බන්ධයෙන් නම්‍යශීලි විය යුතු ස්ථානවලදී එලෙස හැසිරෙන බවත්ය.