බලාපොරොත්තු වූ වෙනස නැත්නම් අලුත් බලවේගයක් හොයන්න.. ජනාධිපති..

0
තමන් හෝ තම අමාත්‍ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොකළ හොත් යළි පැරණි කණ්ඩායම් බලයට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

ඒ වෙනුවට අලුත් බලවේග සොයන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඇරයුම් කළා.

රටක විපක්ෂයක් කළ යුත්තේ ආණ්ඩු පක්ෂය ගෙන යන සියළුම ව්‍යාපෘතීන් විවේචනය කිරීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ජාතික විද්‍යා දින සැමරුම් උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.

රට නව සාමාන්‍යකරණය යටතේ විවර වූ අවස්ථාවේ සිට ගෙන යන උද්ඝෝෂණ හරහා තවත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එසේ වුවහොත් යලි රට වසා දැමීමට මෙන්ම පාසල් සහ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වීමද සිදුවිය හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ අතර , ආරක්ෂක අංශ වලට මෙන්ම විදේශයන්හි අධ්‍යාපනය හදාරන සිසුන්ට ද මෙරට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා.

කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන අධ්‍යාපන කඩයක් හෝ වෙළඳාමක් කිරීමට නොව ඒවා තවත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඒ සඳහා අවශ්‍ය නීති රීති සංශෝධනය කර හෝ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

විරුද්ධ පක්ෂය තමන්ගේ වගකීම් හඳුනා ගෙන කටයුතු කල යුතු බව සිහිපත් කල ජනාධිපතිවරයා රට වෙනුවෙන් ආණ්ඩුව සමග ක්‍රියාත්මක වන විපක්ෂයක් තමන් බලාපොරත්තු වන බවද කියා සිටියා.