බොබ් මාලි අත්අඩංගුවට

0

පසුගියදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි 300 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස බොබ් මාලි යන අන්වර්ථ නාමය සහිත චමින්ද තාබෲ තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඇල්පිටිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අගෝස්තු 31 වැනිදා රාජ්‍ය බුද්ධි අංශය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 300 කට අධික මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස බොබ් මාලි හෙවත් චමින්ද තාබෲ නැමැත්තා හඳුනාගෙන තිබුණා.