පොලීසිය ඉදිරිපිට නවතා තිබූ පොලිස් බයික් එක හොරු අරන් ගිහින්

0
නවගමුව පොලිස් ස්ථානය ඉදිරිපිට නවත්වා තිබූ එම පොලිස් නිල යතුරුපැදියක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙම යතුරුපැදිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නවගමුව පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියකුට ලබා දී තිබූ එකක් බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා විසින් පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට ඇත.

සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමේදී කිසිවකු විසින් යතුරුපැදිය පැහැරගෙන යන ආකාරය දැකගන්නට ලැබී තිබේ.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බවද වාර්තා වේ.