ධම්මික පැණියේ තාවකාලික බලපත්‍රය අහෝසි කරයි

0

කෑගල්ලේ ධම්මික පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

සායනික පරීක්ෂණවලින් ශක්‍යතාව තහවුරු තහවුරු නොවීම හේතුවෙනුයි මෙලෙස ඒ සඳහා ලබා දී තිබූ තාවකාලික බලපත්‍රය අහෝසි කර ඇත්තේ.

කොරොනා වෛරසය සුවපත් වන බව පවසමින් ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් පැණිය මෙරට දී සායනික අත්හදා බැලීම් කරන ලදී.