යුද හමුදාපතිගෙන් මහජනතාවට පණිවුඩයක්

0
Statement of Genaral Shavendra Silva - යුද හමුදාපතිගෙන් මහජනතාවට පණිවුඩයක්

දුර්මතවලට හසුනොවී හැකි ඉක්මනින් අදාළ එන්නත ලබාගැනීමෙන් ජීවිත අවදානම මඟහරවා ගත හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනාධිපති සමාව මත සිරදඩුවම්වලින් නිදහස ලැබු පුද්ගලයින් 16 දෙනෙකුට ස්වයං රැකියා සඳහා මුල්‍යාධාර ලබාදීම වෙනුවෙන් යාපනයේ පැවැති උත්සවයක දී යුද හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

විවිධ ආකාරයේ උපදෙස් මාලාවන් ලබාදුන්න ද මේ මොහොතේ රට තුළ කොවිඩ් ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් ඇති බව ද යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව මහජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වීම ඉතාම වැදගත් කරුණක් වන බව ද යුද හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“එන්නත්කරණය ඉතාමත්ම සීඝ්‍ර ලෙස අපි කරගෙන යනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය මේ වන විට රටේ ජනතාව වෙත ලබාදිය යුතු සියලූම එන්නත් මේ අවස්ථාව වන විටත් රැගෙන විත් තිබෙනවා. රටේ ජනතාවගෙන් සියයට 75කට වැඩි සංඛ්‍යාවකටත් මේ වන විටත් එක් මාත්‍රාවක් හෝ ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ඊයේ දිනෙය් දීත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලංකාවට ලැබුණා. එය බොහෝ දුරට දෙවන මාත්‍රාව විදියටත් භාවිතා කරනවා. මේ වන විටත් ශ්‍රී ලංකා යුද හමුදාව විහාරමහාදේවී උද්‍යානයේ සයිනොෆාම් එන්නතේ ප්‍රථම හා දෙවන මාත්‍රාව ලබානොගත් අය වෙනුවෙන් එන්නත් ජනතාව වෙනුවෙන් ලබාදෙමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව වන්නේ හැකි ඉක්මනින් ජනතාව එන්නත්කරණය කිරීමට. සැප්තැම්බර් මැද වන විට අපිට රටේ ජනතාවගෙන් සියලුදෙනාට එන්නත් දෙකම ලබාදීමට හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු සහගතවයි මේ අවස්ථාවේ සිටින්නේ. මෙතෙක් එන්නතක් ලබානොගත් අයෙක් සිටිනම් හැකි ඉක්මනින් යුහුසුළු වෙලා එන්නත ලබාගැනීමට ක්‍රියා කළ යුතුයි. යම් යම් දුර්මත අනුව ඒවට හසුනොවී හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට කටයුතු කිරීම ජීවිතය අවදානම් නොකර ගෙන සිටීමට හැකියාවක් ලැබෙනවා.”