කන්ටේනර් රථ රියදුරෙක් රථය තුළදීම මියගිහින්

0

කන්ටේනර් රථයක රියදුරෙකු රථය තුළදීම මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

රත්මලාන සුමංගල පාර ප්‍රදේශයේ ප්‍රධාන ආයුර්වේද නිෂ්පාදන ආයතනයකට බහාලුමක් රැගෙන පැමිණි රියදුරෙකු එලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල කෝවිල පාර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (05) රාත්‍රියේ අදාළ ස්ථානයට පැමිණ ඇති එම කන්ටේනර් රථ රියදුරා රථයට වී ගිමන් හරිමින් සිට ඇත.

කෙසේවෙතත් අද (06) උදෑසන ඔහු අවදි නොවීම හේතුවෙන් ගල්කිස්ස පොලීසිය පැමිණ සෝදිසි කර තිබේ.

එහිදී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත.