පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් වෙයි

0
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් වෙයි

පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බවයි අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී අවධාරණය කළා.