රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක්

0

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්හට ඔක්සිජන් අවශ්‍යතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.