සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් රංගන ශිල්පිනී ශලනි තාරකාට කොරෝනා

0
Shalani Tharaka Positive for Covid - සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ගත් රංගන ශිල්පිනී ශලනි තාරකාට කොරෝනා

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා හට කොරෝනා ආසාධනය වී තිබෙනවා.

ඇය ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කරන ලද PCR පරීක්ෂණයෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඇය එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නොමැති බවයි ඇය සිය මුහුණු පොතේ සටහන් කර තිබෙන්නේ.

ඇය මුහුණු පොතේ තැබූ සටහන පහතින්…

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.
නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.
පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.
මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න.
සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි ♥️