රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මියයයි

0
Hyacinth Wijeratne Passed Away - රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මියයයි

ළිඳුල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය මියගොස් තිබෙනවා.

නුවරඑළියේ පැවති රූගත කිරීමකින් පසු නැවත පැමිණීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

කරුමක්කාරයෝ, බිතු සිතුවම්, සළඹක් හඩයි, හෝ ගානා පොකුණ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක මෙන්ම ටෙලි නාට්‍ය රැසකද ඇය සිය රංගන කුසලතාව දක්වා තිබුණා.

වාහනය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.