නිදහසෙන් පසුව ලංකාව සතු ඩොලර් සංචිතය පතුලටම වැටෙයි

0
Dollar Reserves - නිදහසෙන් පසුව ලංකාව සතු ඩොලර් සංචිතය පතුලටම වැටෙයි

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාදයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවසීය.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6 ක් තිබූ බවත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6 ක් දක්වා අඩු වන බවත් මංගල සමරවීර මහතා සඳහන් කළේය.

පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600 කින් පමණ අඩු වූ බව කී හිටපු අමාත්‍යවරයා මහ බැංකුව ඉතිහාසයේ අච්චු ගැසූ විශාලම මුදල් ප්‍රමාණයත් පසුගිය වසරේ අච්චි බව කීය.

“සැබෑ දේශප්‍රේමියා” සංවිධානය කොළඹදී අද (25) පැවැතිවූ මාධ්‍ය හමුවේදී මංගල සමරවීර මහතා එසේ පැවසීය.