ඉන්දියාවේ මෘතදේහ ආදාහනය සඳහා දැව හිඟයක්

0

කොවිඩ්-19 වසංගතය සමග ඉන්දියාවේ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 4,000කට ආසන්න වී ඇති පසුබිමක, එරට ආදාහනාගාරවල මෘතදේහ ආදාහනය සඳහා දැව හිඟයක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වරනාසි හි ආදාහනාගාරයට දිනකට මළ සිරුරු 100ත් 150ත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර, පරම්පරා ගණනාවක් පුරා එහි සේවය කරන්නන් මින් හෙම්බත්ව ඇති බව කියයි. ඔවුන් මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට සහ මරණ සංඛ්‍යාව අඩු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රජය දැඩිව විවේචනයට ලක්කරයි.

නගරයේ ප්‍රධාන ආදාහනාගාරය පිරී ඉතිරී ගොස් ඇති අතර, ඒ නිසාම ගංගානම් ගං ඉවුරේ තාවකාලික ආදාහනාගාරයක් පිහිටුවා ඇත. මෙම ආදාහනාගාර වෙත දැව රැගෙන එන දැව වෙළෙන්ඳන් පවසන්නේ ඉල්ලුම වෙනදාට වඩා හතර ගුණයකින් වැඩි බවයි. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු සතුව මේ වනවිට තවදුරටත් සැපයීමට දර නොමැති බවද ඔවුන් කියයි.

වරනාසි නගරය ලොක්ඩවුන් තත්ත්වයක පැවතියත්, එහි සෑම දිනකම පෙ.ව.11.00 පමණ වන තෙක් වෙළෙඳ පොළවල් විවෘතව තැබිය හැකි අතර එම වේලාවන්හි වීදි කාර්යබහුල වේ.

නමුත් දිල්ලියේ තත්ත්වය ඊටත් වඩා භයානකය. ඔබේ ආදරණීයයන් සඳහා ඔබට ඔක්සිජන් ලබාගත නොහැකි නම් සහ සමහරවිට පැය 10ක් පෝලිමේ රැඳී සිටීමට සිදුවුවහොත්, සමාජ දුරස්ථභාවයක් කිසිසේත්ම පැවැත්විය නොහැකිය.

මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් යටතේ ලොක්ඩවුන් සහ සමාජ දුරස්ථ කිරීම වැනි යෙදුම් සැබවින්ම හුදු වචන පමණක් වී ඇත. ආදරණීයයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ඔක්සිජන් ටැංකියක් හෝ රෝහල් ඇඳක් ලබා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන පිරිස් පමණක් දැකිය හැකිය.