නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී

0
Bike Accident - නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී

කැඩිගිය සරුංගලයක නයිලෝන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මියගොස් යතුරුපැදිය පැදවු පියා සහ හය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදාකදවුර අසලදි මෙම අනතුර වි ඇත. කැඩිගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර එය යතුරුපැදිකරු එය අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව පොලීස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග ත මව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකි අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප්‍රසාදනි (34) අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.