
කොවිඩ් 19 ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ විශ්ව විද්‍යාල සිසුවකු වාර්තා වී ඇතැයි පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේය.
පිළියන්දල, මිරිස්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍ය ශිෂ්‍යයාට කොරෝනා රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහිදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනා ගෙන තිබුණා.
පසුව මෙම වෛද්‍ය ශිෂ්‍යයාට වැළඳී ඇත්තේ කොරෝනා ඩෙල්ටා ප‍්‍රභේදය බවට තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේය.
ඒ අනුව ආසාදිත ශිෂ්‍යයාගේ නිවසේ පදිංචි පිරිස ඊයේ (15) පී.සී.ආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර අද එහි ප්‍රතිපල ලැබීමට නියමිතයි.